ස්විට්සර් ලන්තයේ ඇති ප්‍රධාන කිතුනු ආගමික සංවිධානයක් වන ජාතික රෙපරමාදු ආයතනයේ ජෝන් ක්ලොඩ් බසෙට් පාදිලිතුමා විශ්‍රාම ගැනීමේ උත්සවය ජිනීවාහි චතලේන් කිතුනු දෙව් මැදුරේ දී පසුගියදා පැවැත්විණි.
එතුමන් සමග වසර 20 ක් අන්‍යෝන්‍ය අවබොධයෙන් කටයුතු කළ බෞද්ධ , හින්දු, ඉස්ලාම් ,බහායි හා යුදෙව් ආගමික නායකයෝ එතුමන්ට සුභ පතා ආශිර්වාද කළහ.
එම අන්තර් ආගමික සමුළුවේ ආරම්භක සභාපතිවරයෙකු ලෙස කටයුතු කරමින් ස්විට්සර්ලන්තයේ ආගමික සහජීවනය සහ අවබෝධය වැඩි දියුණු කිරීමෙහිලා සුවිශේෂී සේවයක් ඉටුකළ ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ ආචාර්ය තවලම ධම්මික නාහිමියෝ ද එම අවස්ථාව නියෝජනය කරමින් එතුමන්ට සුවදායක විශ්‍රාමික දිවියකට ආශිර්වාද එක් කළහ.
චිකාගෝ ආගමික පාර්ලිමේන්තුවේ ශතවර්ෂය සිහිපත් කරමින් 1992 වසරේදී 'ජිනීවා අන්තර් ආගමික පදනම ආරම්භ කිරීමේ දී ජිනීවා නුවර ක්‍රියාත්මක වන ලෝකයේ ප්‍රධාන ආගමික ආයතන සම්බන්ධ කරගනිමින් මූලික කටයුතු සිදුකළ කාගේත් ගෞරවයට පත් දේවගැති තුමා ද ඔහුය.

