ආගමික ගැටුම් සමනය කර සංහිඳියාව ඇති කිරීමේ අරමුණින් සියලු ආගමික නායකයන් සමඟ සාකච්ඡා කිරීමට මහින්ද රාජපක්ෂ ජනපති සැරසේ.
මෙවැනි සාකච්ඡාවක් පවත්වන බව ජාතික පුවත්පත් කතුවරුන් සමග ජනපති අද ප්‍රකාශ කළේය.
ආගමික සිද්ධි විමර්ශනය සඳහා විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවන බව ද, ආගමික කටයුතු අමාත්‍යංශය යටතේ එම ඒකකය පිහිටුවන බව ද ජනපති සඳහන් කළේය.
කිසිම පුද්ගලයකුට හෝ සංවිධානයකට නීතිය අබිබවා යෑමට ඉඩ නොදෙන බවත්, එවැනි සිදුවීම් ගැන පෞද්ගලිකවම සොයා බලන බවත් ජනපති මාධ්‍ය ප්‍රධානීන් සමග පැවසීය.

