ශ්‍රී ලංකාවේ සමගි සන්ධාන ක්‍රියාවලිය සඳහා කැපවන ලෙස ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉල්ලීමක් කැර ඇතැයි වතිකාන ගුවන් විදුලිය කියයි.
එක් ආගමක අනන්‍යතාව පදනම් කැරගෙන ශ්‍රී ලංකාවේ ජාතික එකමුතු භාවය ගොඩ නැගීම දුෂ්කර බව ද පාප්වහන්සේ පෙන්වා දී ඇත.වතිකානයේදී කාදිනල් මැල්කම් රංජිත් අගදරුගුරුතුමන් ඇතුළු ශ්‍රී ලාංකික රදගුරුන් හමු වු අවස්ථාවේදී පාප් තුමා මේ බව පවසා ඇත.
පාප්වහන්සේ පෙන්වා දී ඇත්තේ ආගමික අන්තවාදය මෙන්ම එම කොටස්වල බලපෑම් හා ප්‍රචණඩත්වය ආගමික සහජීවනයට තර්ජනයක් බවයි.

