ආගම් සමගිය අවුරුදු උළෙලේ සුදිලේ


අන්තර් ආගමික හා අන්තර් වාර්ගික සහජීවනය, සමගිය හා සාමය ඇති කරලීමේ අරමුණ ඇතිව ජනාධිපති කාර්යාලයේ බොදු, කිතුනු, ඉස්ලාම්, හින්දු ආගමික අංශ සහභාගිත්වයෙන් සිංහල  හා දමිල අලූත් අවුරුදු උත්සවයක්  වරකාපොල දොරවක සීලවිමල පිරිවෙන් භූමියේදී පැවැත්විණි.

ජාතික හා ආගමික සමගිය සදහා වන ළමා පදනම, මෙන්ම  වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා පොලිසියද ඊට දායත්වය දුන්නේය.

අන්තර් ආගමික සංවිධානයේ සභාපති , සබරගමුව විශ්ව විද්‍යාලයයේ කුලපති මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමි,  ශාන්ත ප්‍රැන්සිස් ,කුරුණෑගල රදගුරුතුමා, ජනාධිපති   ආගමික කටයුතු සම්බන්ධිකරණ ලේකම් සරත් හෙට්ටිආරච්චි පියතුමා, ජනාධිපති හින්දු ආගමික කටයුතු සම්බන්ධිකරණ ලේකම් බාබුල් ෂර්මා කුරුක්කල්තුමා, ජනාධිපති ඉස්ලාම් ආගමික කටයුතු සම්බන්ධිකරණ ලේකම් අල්හාජ් අසන් මව්ලානා පූජකතුමාද  පැමිණ සිටියහ.

 කොලොන්නාව මහමුදියා අරාබි විදුහලේ සිසුන් පිරිසක් ඉස්ලාම් සංස්කෘතික දර්ශනයක් ඉදිරිපත් කරනු ලැබුවේ රබන් ගසමිනි.