ආගමන විගමන සභාපති නවකයෙක් එයි


ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන්ගේ සංගමයේ  නව සභාපති ලෙස ප්‍රධාන ආගමන විගමන නිලධාරී ජයන්තා රත්නායක මහතාව  පත්කර ඇත.

එම සංගමයේ  ඊයේ පැවති 47 වෙනි වාර්ෂික මහා සභා රැස්වීම් නිලවරණයේදී නව ලේකම්වරයා ලෙස ආගමන විගමන නිලධාරී කේ.ඒ.එස් කනුගල මහතාව තෝරාපත් කරගෙන ඇති අතර භාන්ඩාගාරික ලෙස ඩී.ආර්.පී ගාල්ලගේ සහ ප්‍රධාන සුභසාධක නිලධාරී ලෙස පී.බී.ඩී.ආර්.එස් සෙනවිරත්න මහතා ඇතුළු නව නිලධාරී මන්ඩලයක්ද තෝරාපත් කරගෙන ඇත.