ආගමන විගමන දෙන්නාත් කොටුවෙති


ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් විදෙස් ගත වීමට උත්සහ කළ කාන්තාවක සහ ඇයට ඒ සඳහා උදව් කළ  ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෛ්දී  අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් විසින්  සැකපිට අත් අඩංගුවට ගනු ලැබ සිටිති.

සැකකාරිය අලුත්ගම දර්ගා නගරයේ පදිංචි 57 හැවිරිදි කාන්තාවකි. අත් අඩංගුවට ගනු ලැබු ආගමන විගමන නිළධරයන්ගෙන් එක් අයෙකු ජ්‍යෙෂ්ඨ බලයලත් ආගමන විගමන නිලධාරියෙකි.

සැකකාර කාන්තාව සෞදි අරාබිය බලා යාමට ගුවන්තොටුපොළට පැමිණ ගුවන් ගතවීම සඳහා අවශ්‍ය ලේඛණ රැගෙන  ආගමන විගමන අංශයට ගොස් ඇත.  එහිදී අදාල ආගමන විගමන නිලධාරීන් දෙදෙනා ඇයගේ ගුවන් ගමන් බලපත ඔවුන්ගේ පරිඝණක පද්ධතියට අතුලත් නොකොට ඇයට ගුවන් ගත වීමට අවසර ලබා දී ඇති බව වාර්ථා වෙයි.

ඇය ඒ සඳහා අල්ලස් මුදලක් ලබා දී ඇති බවත් දැනගන්නට ඇත.

ආගමන විගමන අංශය පසුකර ගුවන් ගත වීමට යමින් සිටි කාන්තාව පිළිබඳ රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකයේ නිලධාරීන්ට ඇති වු සැකයක් මත ඇයගේ ලියකියවිලි පරීක්ෂා කර ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇත.