මේ වනවිට බොලිවුඩ් චිත්‍රපට කිහිපයකම රඟපා ඇති ආක්ෂේ කුමාර් හා අමිතාබ් බච්චන් දෙදෙනා යොදාගෙන නැවතත් අලුත් බොලිවුඩ් චිත්‍රපටයක් නිර්මාණය කරන්නට ආර්. බල්කි සුදානම් වන බවට තොරතුරු වාර්තා වනවා.
අමිතාබ් බච්චන්ගේ ‘සාර්කාර් 3’ වැනි චිත්‍රපටයත්, ආක්ෂේ කුමාර්ගේ ‘ටොයිලට් ඒක් ප්‍රේම් කතා’ චිත්‍රපටයේත් වැඩ කටයුතු නිමාවූ විගස මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් ආරම්භ කරන්නට ආර්. බල්කි සුදානමින් සිටින බව මෙම තොරතුරු වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.
මේ වසරේ වඩාත් සාර්ථකම නළුවන් බවට පත්ව සිටින අමිතාබ් හා ආක්ෂේ ලබන වසරේ වඩාත් කාර්යබහලු නළුවන් දෙදෙනෙකුද වනවා.