ආක්ෂේගේ චිත්‍රපට ගොඩක්


2016-12-13-ent-57

"රස්තම්", "හවුස්ෆුල්", "එයාර් ලිෆ්ට්" චිත්‍රපට තුළින් මේ වසරේ හමුවූ ආක්ෂේ කුමාර් එළැඹෙන 2017 හා 2018 වලදී චිත්‍රපට රැසක් සඳහා එක්වීමට කැමත්ත පළ කර ඇතැයි වාර්තා වේ. 2017 වසරේ ආක්ෂේ කුමාර් "ජොලි LLB 2","රොබට් 2", "හොලිඩේ 2", "ෆන්", "ක්රැක්", "ගෝල්ඩ්", "වෙල්කම් 3", "අවාරා පාගල් දිවානා 3", "නමස්තේ ලන්ඩන්", "රාවුඩි රාතෝර් 2" චිත්‍රපට වලින් හමුවීමට නියමිතය.

ආක්ෂේ රඟන මෙම චිත්‍රපට බොහොමයක් ආක්ෂේ මීට පෙර රඟපෑ චිත්‍රපටවල දෙවැනි හා තුන්වැනි කොටස් වීමද විශේෂත්වයකි. එමෙන්ම පසුගිය වසරේ ආක්ෂේ රඟපෑ "සිංග් ඊස් බිලින්ග්" චිත්‍රපටයේ තවත් කොටසක් නිර්මාණය කරන්නටද මේ වනවිට සූදානම් වන බවද වාර්තා වේ.

ආක්ෂේ කුමාර් මේ දිනවල "ටොයිලට් ඒක් ප්‍රේම් කතා" හා "ජොලි LLB 2" චිත්‍රපට වල රූපගත කිරීම්වලට දායකව සිටියි.

 

2016-12-13-ent-58