ආක්ෂා සුධාරිට රට යන්න අවසර දෙයි


ඉන්දීය ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන 160ක් වංචා කිරීමේ සිද්ධිය සැකපිට ඇප මත සිටින ටෙලි නාට්‍ය නිළි ආක්ෂා සුධාරිට එතෙර ගමන් සඳහා අවසර ලබාදීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (7) නියෝග කළේය.

සැකකරුවන් මීට පෙර කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ආක්ෂා සුධාරිට විදේශ ගමන් තහනම් කරමින් පනවා තිබූ තහනම ජනවාරි 25 තෙක් අත්හිටුවීමට තීරණය කළේය.

2015 මැයි මාසයේදී ගෝපිරාජ් කවලන්ගිල් නමැති ඉන්දීය ව්‍යාපාරිකයා සිය මුදල් වංචා කිරිම සම්බන්ධව ආක්ෂා සුධාරිට එරෙහිව පැමිණිල්ලක් ගොනු කර තිබූ අතර රහස් පොලිසිය ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලබා සිටියාය. නඩු විභාගය ජනවාරි 25 වැනිදා තෙක් කල් තැබිණි.