අ’පූරේ දී සූර් වූ ප්‍රංශ ජාතිකයා යාපනයෙන් හමුවෙයි


(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර,කුබිච්චන්කුලම වැව අසල මත්පැන් පානය කරමින් සිටියදී අතුරුදන් වු 35 හැවිරිදි ප්‍රංශ ජාතිකයා යාපනය දුම්රිය ස්ථානය අසලදී අද (28) සොයා ගත් බව අනුරාධපුර පොලිසිය කියයි.

පසුගිය 01 වැනි ප්‍රංශයේ සිට මෙරටට පැමිණි වයස අවුරුදු 35 ත් 40 ත් අතර වියේ පසුවන මිතුරියක හා මිතුරන් දෙදෙනෙකු ඔවුන්ගේ සංචාරය අතරතුර  පසුගිය 25 වැනි දින අනුරාධපුර නගරයට පැමිණ කුබිච්චන්කුලම වැව ආසන්නයේ පිහිටි හෝටලයක නවාතැන් ගෙන තිබිණි.

මෙම මිතුරන් තිදෙනා අනුරාධපුර කුබිච්චන්කුලම වැවේ සිරි නරඹා පස්වරු පහට පමණ වැව ආසන්නයේදි මධු විතක රස බැලීම ආරම්භ කර ඇතැයි පොලිසිය කියයි.

බොහෝ වේලාවක් මත්පැන් පානය කරමින් සිටියදි එක් මිතුරෙකු ආගිය අතක් නොමැති බවට ප්‍රංශ ජාතික මිතුරියටත් අනෙක් මිතුරාටත් වෙරි මත හේතුවෙන් අමතකව තිබිණි.

මොවුන් දෙදෙනා ශාරිරික අවශ්‍යතාවයකට වැව අසලට ගොස් සිටියදී වැවට ඇද වැටී ඔවුන්ගේ සෙරෙප්පු දෙකක් හා හිස් වැසුමක් ද වැවට වැටී තිබියදී සොයා ගත් බව පොලිසිය කියයි.

දැඩි බීමත්කම හේතුවෙන් තමන්ට හෝටලය සොයා ගැනිමට අපහසුවු බවත් තමන් දුම්රියකට ගොඩවු බවත් ඉන් එහාට සිදු වුයේ කුමක්ද යන්න අමතක වු බවද පොලිස් නිලධාරින් විසින් සිදුකළ ප්‍රශ්න කිරිමේ දි ප්‍රංශ ජාතිකයා ප්‍රකාශ කර තිබිණි.

ඔහු මේවන විට යාපනය පොලිසියේ ආරක්ෂිතව රැදී සිටිති.