අ’පුර සුනාථ විශ්‍රාම ශාලාව යළි ඇරෙයි


කොටි ත්‍රස්තවාදී සමයේ  ශ්‍රී ලංකා යුද හමුදාවේ කඳවුරක් ලෙස පවත්වාගෙන අනුරාධපුර  සුනාථ විශ්‍රාම ශාලාව වසර  33 කට  පසු උතුරුමැද මහ ඇමැති  පේෂල ජයරත්න මහතා  අතින් අද (24) යළි විවෘත කැරිණි.

අනුරාධපුර  මහ නගර  සභාව සතු  දේපලක්  වන මේ විශ්‍රාම ශාලාව යුද හමුදාවෙන් යළි ලබාගැනීමට  ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේන මහතා අනුමැතිය ලබාදුන් බව නගරාධිපති එම්.පී.සෝමදාස මහතා පැවසීය.

අනුරාධපුර  ශ්‍රී මහා බෝධිය ආසන්නයේ  පිහිටා  ඇති  මේ විශ්‍රාම ශාලාවේ  කාමර  29 ක්  හා  තවත්  ශාලා  9 කන් සමන්විතය.