(අංජුල මහික වීරරත්න)
ජලයෙන් යටවූ අනුරාධපුර බන්ධනාගාරයේ සිටින රැඳවියන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කරන බව වෙළෙඳ ,වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.
අනුරාධපුරය පුත්තලම මර්ගයේ කලා ඔය පාලම අසල මඟීන් 60ක් සහිත බස් රථයක් ජල පහරට කොටු වී ඇති අතර ඔවුන් මුදා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා යෙදවීමටද කටයුතු කර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.
පවතින ආපදා තත්වය හේතුවෙන් අනුරාධපුරය දිස්ත්‍රික්කයේ අවතැන් වූ ජනතාව මුදා ගැනීමේ කටයුතු සහ සහන සේවා කටයුතු තව දුරටත් කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා ආරක්ෂක අංශ සහ සහන සේවා කණ්ඩායම් යොදවා තිබෙන්නේ යැයිද අමාත්‍යවරයා කීය.

