රාත‍්‍රී 12 ට විතර චමින්ද අයියා පැමිණ තාත්තට හදිසි කරදරයක් ඉක්මනට යමුයි කියූ බවත් ත‍්‍රීරෝද රථයෙන් හෝටලයට ගොස් බලන විට තම පියා ලේ විලක් මැද උඩුබැලි අතට වැටී සිටිනු දුටු බවත් තාත්තා ඔසවා ගෙන කැබි රථයෙන් අනුරාධපුර රෝහලට රැගෙන ගිය බවත් තාත්තා මිය ගොස් ඇති බව තමන්ට දැනුම් දුන් බවත් ගීසර සොයිසා අනුරාධපුර මහේස්ත‍්‍රාත් අධිකරණයේදී පැවසීය.
අනුරාධපුර කඩ 50, මුදිතා මාවතේ පැනොරාම රාත‍්‍රී සමාජ ශාලා හිමිකරු සොයිසා කපා කොටා ඝාතනය කිරිමේ නඩුවේ සාක්කි දෙමින් ඔහු කීවේය.
මහේස්ත‍්‍රාත් ශානක කලංසුරිය මහතා ඉදිරියේ නඩුව විභාග වෙයි.
හෝටලය ළඟට එන විට මම දැක්කා හෝටලය ඉදිරිපට අතේ පොලූ තියා ගත් කිහිප දෙනෙක් ඉන්නවා.ඇයි පොලූ තියාගෙන ඉන්නේ කියලා අහනකොට ඔවුන් කිව්වා අපට කටිටියක් ගහන්න ආවා ඒකයි අපි පොලූ තියාගෙන ඉන්නේ කියලා.
පසුව මම හෝටලය ඇතුළට ආවා. ඇවිත් බලන විට රිසෙප්ෂන් එක ළඟ මගේ තාත්තා ලේ පෙරාගෙන උඩුබැලි අතට වැටි සිටියා දැක්කා. වම් අත පපුවට තියා ගෙනයි තාත්තා වැටි හිටියේ. මම හයියෙන් කෑ ගහලා තාත්තා උස්සලා අරන් කැබ් එකට දා ගෙන අනුරාධපුර ශික්ෂණ රෝහලට ගෙන ගියා.

