අ‘පුර සිද්ධියට බන්ධනාගාර කොමසාරිස්ගෙන් ප්‍රකාශ ගනී


(ගයාන් සූරිය ආරච්චි)

ඉකුත් වෙසක් පෝය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව ලබා දුන් සිරකරුවන්ට අමතරව සිරකරුවන් කීපදෙනෙකු අනීතික ලෙස බන්ධනාගාරය මගින් නිදහස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ඉකුත් 6 වැනිදා කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එම සිද්ධිය සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශන වලටඅනුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයාගෙන් මෙසේ ප්‍රකාශයක් ගෙන ඇත.

එම විමර්ශන වලට අනුව බන්ධනාගාරයේ ලේඛන පරීක්ෂා කරමින් තවදුරටත් කොමසාරි ජනරාල් වරයාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බවද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කියයි.