පොසොන් සමයත් සමඟ අනුරාධපුර නගරයේ ගව ඝාතනය සම්පුර්ණයෙන්ම තහනම් කළ යුතු යැයි එක්සත් ජනතා නිදහස් සංධානය අනුරාධපුර මහ නගර සභා රැස්වීමට ඉදිරිපත් කළ යෝජනයවක් විපක්ෂ මන්ත්‍රීන්ගේද ඡන්දයෙන් සම්මත විය.
එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී දුෂ්‍යන්ත කුමාර මහතා ගෙන ආ යෝජනාව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ආරියරත්න වික්‍රමාරච්චි මහතා ස්ථිර කළේය.
හරක් හොරුන් ගවයින් 34 කින් යුත් ගව පට්ටියක් සොරකම් කළ පසු ගවපට්ටිය අයිතිකාර මව අසරණ වු පවතක් ගැන සඳහක් කර මන්ත්‍රීවරයා එම යෝජනාව ඉදිරිපත් කළේය.