(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර පිහිටි ප්‍රධාන ජලාශ දෙකක් වන නුවර වැවේ හා තිසා වැවේ සුළු ජල කාන්දුවක් සිදුවෙමින් පවතින බවට නිරික්ෂණය වි ඇතැයි වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු අජිත් ගුණසේකර මහතා කියයි.
වසර ගණනාවක් තිස්සේ අඛණ්ඩව වසා දමා තිබෙන අනුරාධපුර ඓතිහාසික නුවර වැවේ වැව් බැම්මට ප්‍රවිෂ්ට වෙන මාර්ගය විවෘත කරදෙන ලෙසට අනුරාධපුර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්විමේදි පසුගියදා උතුරු මැද පලාත් වාණිජ හා කෘෂිකර්ම මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් බී දිසානායක මහතා කළ ඉල්ලිමට ප්‍රතිචාර දක්වමින් වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම්වරයාටද මේ බව ලිඛිතව දැනුම්දී ඇතැයි කියයි.
අනුරාධපුර නගරය ආසන්නයේ තිබෙන විශාල වැව් දෙකක් වන නුවරවැව හා තිසාවැවේ වැව් බැමි කිසියම් අවස්ථාවක බිඳී යාමක් සිදුවුව හොත් සිදුවන විනාශය වලක්වා ගැනීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිරන්තරයෙන් කැපවී සිටින බවද ඒ මහතා කියයි.
නමුත් ජලාශ බැම්මේ මුදුනත පටු බැවින් එහි වාහන ගමනාගමනය කිරීමෙන් වැව් බැම්මට හා එම වාහනවලටද කිසියම් අනතුරක් සිදුවීමට ඉඩ තිබෙන බවත් ඒමහතා අමාත්‍යංශ ලේකම්වරයාට යොමු කළ ලිපියේ ද සදහන් වෙයි.