අ‘පුර දුම්රිය හුටපටයක්


අනුරාධපුර දුම්රිය රියදුරු කාර්යාල භාර නිලධාරී කාර්යාලයට දිස්ත්‍රික් ප්‍රවාහන පරීක්ෂකවරුන් දෙදෙනකු අනවසරයෙන් ඇතුළු වී පරික්ෂා කළැයි විරෝධය පාමින් අනුරාධපුර දුම්රිය රියදුරෝ අද (17) අසනීප නිවාඩු දැමීම හේතුවෙන් දුම්රිය ධාවනය ඇනහිට ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් යාල්දේවි හා වවුනියා ඉන්ධන දුම්රිය අනුරාධපුරයට පමණක් සීමා වී ඇතැයි එම දෙපාර්තමේන්තුව කියයි.