උතුර මැද පළාත් ආයුර්වේද කොමසාරිස් කුමාර අල්විස් මහතාට අද අලුයම ඇසිඩ් ප්‍රහාරයක් එල්ලවිය.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු දොර අරවාගෙන මේ ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි පොලිසිය කියයි. ඔහුගේ දෑස් බේරි ඇතත් මුහුණ හා පපුව තද බල ලෙස පිළිස්සී ඇත. අනුරාධපුර රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මාරුකර එවීමට නියමිතය.