අාහාර විසවීමෙන් තිදෙනෙක් මරුට


(වසන්ත චන්ද්‍රපාල)

අම්පාර, වානගමුව මුස්ලිම් ජුම්මා පල්ලියේ පෙරේදා (5) දහවල් පැවැති දානයක කෑම අපත්‍යවීමෙන් රෝහල් ගතකළ පිරිස අතුරින් තිදෙනකු මියගොස් තිබේ. මියගිය තිදෙනා අම්පාර (2) සහ සමන්තුරේ (1) රෝහල් වල ප්‍රතිකාර ලැබූහ.

මෙම ආහාර විසවීම හේතුවෙන් 650 කට අධික පිරිසක් රෝහල්ගත කරනු ලැබ සිටිති. අම්පාර, අක්කරේපත්තුව, සමන්තුරේ සහ 
ඉරක්කාමම් රෝහලේ වලින් ඔව්හු ප්‍රතිකාර ලබති.