අරුගම්බේ වෙරළේ ඉදිකැර තිබූ බකිංහැම් මාළිගය වැනි නිවාඩු නිකේතන සංකීර්ණයක් සොයාගත් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීවේය. අමැතිවරයා මේ බව ප්‍රාකාශ කළේ අද ගාල්ලේ පැවති ජන හමුවක් අමතමිනි.අගමැතිවරයා පවසන්නේ පසුගිය රජයේ මාළිගා තොගයට මේ නිවාස ද එක්වන බවයි. අගමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය.
‘‘ මේ නිවාඩු නිකේතන සාදා තිබෙන්නේ ජාත්‍යන්තර සම්බන්ධීකරණ මධ්‍යස්ථානයකට කියා කියනවා. අපිනම් දන්නේ නැහැ එතැන සිදුකළ ජාත්‍යන්තර සම්බන්ධීකරණය මොකක් ද කියා. නමුත් එතැන ප්‍රභූ නිවාඩු නිකේතන තුනක් තිබුණා. මුහුදට අඩි සීයක් දුරින් මේ නිවාඩු නිකේතන තුන වෙනුවෙන් පිහිනුම් තටාක තුනක් හදලා. එක් කාමරයක් සහිත නිවාඩු නිකේතන 18ක් තිබුණා. කාමර දෙකක් සහිත නිවාඩු නිකේතන 22 ක් ප්‍රභු නිවාස තුන අතුළුව සුපිරි යැයි කියන නිවාඩු නිකේතන 14ක් තිබුණා. මෙතැන ප්‍රභූ නිවාස 54ක් තිබෙනවා.
අගමැතිවරයා පවසන්නේ මේ නිවාඩු නිකේතන සෑදීමේ දී අරුගම්බේ තෝරාගැනීමට හේතුව නොදන්නා බවයි. අරුගම්බේවලට වී සිදුකරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ගැන ද තමන් නොදන්නා බව හෙතෙම කීවේය.
‘‘මේ වෙනුවෙන් පසුගිය රජයේ ජනාධිපතිවරයාගේ අරමුදල්වලින් මුදල් වෙන්කරලා තිබෙනවා. ඒ සඳහා කැබිනට් අනුමැතිය හෝ වෙනත් අවසරයක් අරගෙන නැහැ. ඒ විතරක් නොවෙයි මා ඇහුවා මේවාට හිටපු අගමැතිවරයා එනවා ද කියා. අගමැතිවරයා එන්නේ නැහැ කීවා. ඉන් පසු ඇහුවා හිටපු ජනාධිතිවරයා එනවාද කියා. ඒතුමා අවුරුද්දකට එක දවසක් පමණ ඇවිත් යනවාලු. එහෙනම් කාගෙද මේ නිවාස කියා අපි සිතිය යුතුයි. කාගේ වුවමනාවට ද කාට ඉන්නද මේවා හැදුවේ. “

