අළුබෝමුල්ලෙත් කටපුංචෙක් පත්තුවෙයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)

පානදුර අළුබෝමුල්ල සඳගල වත්ත ප්‍රදේශයේ වෙළඳසැලකට පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් අද (06) පෙරවරුවේ වෙඩි තැබීමක් සිදුකර ඇතැයි අළුබෝමුල්ල පොලිසිය කියයි

වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නැත.

වෙඩි තැබීමට හේතුව නිශ්චිත වශයෙන් අනාවරණය නොවන නමුත් මත්ද්‍රව්‍ය ජාවාරමක් මෙම වෙඩි තැබීමට හේතු වන්නට ඇතැයි පොලිසිය සැක කරයි

පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා මහතාගේ උපදෙස් මත අළුබෝමුල්ල පොලිසියට අමතරව පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන පවත්වයි