අළුත්ගම කුඩු කල්ලිය අල්ලයි


අළුත්ගම සහ බේරුවල සංචාරකයනට හෙරොයින් මත් කුඩු විකුණූ මොරගල්ල මත් කුඩු ජාලයේ ප්‍රධානියා බව කියන ජපනා ඇතුළු හය දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.

දින කිහිපයක්ම වෙස් වලාගෙන ගිය පොලිස් කණ්ඩායම මෙහයවන ලද්දේ සහකාර පොලිස් අධිකාරී ප්‍රදීප් පෙරේරා  විසිනි.  අළුත්ගම සංචාරක පොලිසිය මෙම වැටලීම සිදු කොට ඇත.

ජපනා ලඟ තිබී කුඩු පැකට් 75 ක් ද සොයාගත් බව පොලිසිය කියයි. කුඩු පැකට් එකක මිල රුපියල් දහසකි.