කොළඹ ප්‍රසිද්ධ ජාතික පාසලක දූෂණ අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන ඒකකයෙන් සහ අධ්‍යාපන අමාත්‍යංශ විමර්ශන ඒකකයෙන් මීට වසර එක හමාරකට පමණ පෙර දුන් නිර්දේශ රැසකින් එක් නිර්දේශයක් පමණක් ක්‍රියාත්මක කර අනෙක් ඒවා ඉටු නොකිරීම ගැන අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීහු විමතිය පළ කරති.
විදුහල්පති විශ්‍රාම ගැන්වීමටත්, දූෂණ අක්‍රමිකතාවලට සම්බන්ධ ගුවරුන් තිදෙනකු වහා වෙනත් කලාපවල පාසල්වලට ස්ථාන මාරු කිරීමටත්, සිදුවී ඇති බරපතල මූල්‍ය වංචා සහ කූට ලේඛන භාවිත සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම රහස් පොලීසියට පැවරීමටත්, සිසුන් ඇතුළත් කිරීමට මුදල් සහ ලිංගික අල්ලත් ගත් බව කියන සිද්ධි විමර්ශනය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැවරීමටත් විමර්ශන දෙකකින් නිර්දේශ කැර තිබිණි.
එම නිර්දේශ ක්‍රියාත්මක නොවුණ තැන ගුරුසංගම් හඩ නැගීමත් සමග අධ්‍යාපන අමාත්‍යංශය පසුගිය වසරේ අප්‍රේල් මාසයේ විදුහල්පති පරීක්ෂණයකට යටත්ව විශ්‍රාම ගැන්වීය.
ඔහු විශ්‍රාම ගන්වුවත් මේ වන තෙක් අක්‍රමිකතා හා දූෂණවලට සම්බන්ධ සෙසු ගුරුවරුන්ට ස්ථාන මාරුවීම් ලබා දී නැතැයි අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි කියයි. නාමලේඛණවලට නම් ඇතුළත් නොකර පන්තිකාමර වල සිසුන් රඳවා ගැනීම, චක්‍රලේඛ උල්ලංඝණය කරමින් එක වසරට ළමයින් ගැනීමේ කමිටුවල වසර තුනකට වැඩි කාලයක් කටයුතු කිරීම, ගුරුවරුන්ට බලපෑම් එල්ල කිරීම ආදී චෝදනා විමර්ශනයේදී එම ගුරුවරුන්ට එල්ල වී තිබිණි.
එමෙන්ම අධ්‍යාපන අමාත්‍යංශයේ ලිපි ශීර්ෂ භාවිතය සහ හිටපු ජාතික පාසල් අධ්‍යක්ෂ ශ්‍රීලාල් නෝනිස් මහතාගේ අත්සන ව්‍යාජව යෙදීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට රහස් පොලීසියට පැවරිය යුතු බවට කළ නිර්දේශයට මෙතෙක් ක්‍රියාත්මක වී නැත.
විදුහල්පති විශ්‍රාම ගන්වා වසරක් ගියත් මේ වන තෙක් නව විදුහල්පතිවරයකු පත් කර නැති අතර ස්ථානමාරු කිරීමට නිර්දේශ කළ ගුරුවරියක් සම්බන්ධයෙන් පසුගියාද විද්‍යාලයේ ගැටලු සහගත තත්ත්වයක් වාර්තා වූ බව අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ඉතා කීර්තිමත් පාසලක් වන මේ පාසල ගැන මීට වඩා බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවත්, එසේ සිදු නොවනහොත් පාසල අගාධයට යනු ඇති බවත් කියති.
සබැඳි පුවත්