අහිමි කළ ජී.එස්.පී.බදු සහන ලැබෙන ලකුණු


 

ශ්‍රි ලංකාවේ  ඇගළුම්  වෙනුවෙන්  ජීඑස්පී ප්ලස්  සහනය  නැවත දිනා ගැනීම සහා  වන  සාකච්ඡා  යුරෝපා  සංගමයේ  නියෝජිතයන්  පිරිසක්  සම ආරම්භ   කිරිමට  ශ්‍රී ලංකා  රජය  බදාදා කටයුතු  කළේය.

කර්මාන්ත හා  වෙළඳ  අමාත්‍ය  රිසාද්  බදුර්දීන්  පවසන  ආකාරයට  ශ්‍රී ලංකාවට නැවත වරක්  ජීඑස්පි ප්ලස් සහනය  ලබාදිම සම්බන්ධයෙන්  යුරෝපා  සංගමය සුභවාදී  ප්‍රතිචාරයක්  ලබාදි  තිබේ.

ජීඑස්පි ප්ලස් සහනය  නැවත ලබාදිමට  අමතරව දෙරට අතර  තවත්  ද්විපාර්ශවීය වෙළඳ සබදතා  ඇති  කිරිම ශ්‍රී ලංකාවේ  සිට යුරෝපයට  අපනයනය කෙරෙන මත්ත්ස්‍ය  නිශ්පාදන මත පනවා  ඇති  බදු  ලිහිල්  කිරිම ආදි  කරුණු  සම්බන්ධයෙන්  ද යුරෝපා සංගමයේ  නියෝජිත පිරිස හා සාකච්ඡා  කිරිමට  ශ්‍රී  ලංකා  රජය  සුදානමින්  සිටි.

ශ්‍රි  ලංකාවේ  ඇති  ආයෝජන අවස්ථා  ගැන යුරෝපා  සංගමය දැනුවත්  කිරිමටද මෙහිදී  සිදුකිරිමට  සැළසුම්  කර  ඇත.