අහිංසක මවකගේ කෝටි 9ක ලොතරැයි දිනුමට විද්ද තිදෙනෙක් මාට්ටු


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ලොතරැයි පතකින් වයෝවෘද්ධ කාන්තාවකට හිමි වූ රුපියල් 96,298,759.58 ක මුදලක් වංචා සහගත ලෙස ලබාගත් ලොතරැයි අලෙවි නියෝජිතවරයකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

ඒ අතර කාන්තාවක්ද වන බව පොලිසිය කියයි.

2024 වසරේ සැප්තැම්බර් මස 18 වෙනිදින කාණ්ඩ අංක 1630 යටතේ ධන නිධානය ලොතරැයි පතකට හපුතලය ප්‍රදේශයේ කාන්තාවකට එකී දිනුම හිමිව තිබූ අතර සැකකාර ලොතරැයි අලෙවි නියෝජිතයා හා අනෙක් සැකකරුවන් දෙදෙනා එක්ව එකී මුදල වංචා සහගත ලෙස ලබාගෙන ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.

ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශ දෙක මගින් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.