අහසේ සෙල්ලම් දාන්න ගිහින් ගෙදර


මගීන් 160 දෙනකු සමග අඩි 32000ක් ඉහළ අහසේ ගුවන් යානයක් ගුවන් සේවිකාවන් දෙදෙනකු විසින් විනාඩි 40ක් තිස්සේ පදවා ගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගුවන් නියමුවන් දෙදෙනාගෙන් සහ ගුවන් සේවිකාවන් දෙදෙනාගේ වැඩ තහනම් කර ඇත.

පසුගිය අප්‍රේල්12 වැනිදා  බැංකොක් සිට දිල්ලිය බලා පියාසර කරමින් තිබූ ඉන්දීය ගුවන් සේවයට අයත් බොසිං යානයක නියමුවා ගලුවන් සේවිකාවට කතා කර ඔහුට වැසිකිලියට යාමට අවශ්‍ය බව පවසා ඔහුගේ නියමු අසුනේ වාඩි වන ලෙස දන්වා තිබේ.

පසුව ප්‍රධාන ගුවන් නියමුවාත් තවත් ගුවන් සේවිකාවට කතා කර ඔහුගේ නියමු අසුනේ වාඩි වෙන ලෙස දන්වා යානයේ ව්‍යාපාරික අසුනක් වෙත ගොස් නිදාගෙන තිබේ.

ගුවන් සේවිකාවන් දෙදෙනා යානය පදවමින් සිටියදී එක් සේවිකාවකගේ අත යානයේ ඇති ස්වංක්‍රීය නියමු බොත්තමට වැදීමත් සමග යානයේ නිදා සිටි ගුවන් නියමුවා වහාම නියමු කුටියට පැමිණ ඇත.

වාසනාවකට කිසිදු අනතුරක් සිදු නොවුනත් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව ඉන්දීය ගුවන් සේවය කියයි.