(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අහසට වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා සමගි ජන බලවේගයේ හොරණ ප්‍රධාන සංවිධායක පි. ඩි. අඅබේරත්න මහතා රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇප දෙකක් මත මත මුදා හරින ලෙස හොරණ මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද නියෝග කළේය.
ඊට අමතරව විදේශ ගමන් තහනමක් පනවමින් විදේශ ගමන් බලපත්‍රය අත්හිටුවීමට ද ගිනි අවිය බාරයට ගත් අතර ආරක්ෂක අමාත්‍යාංශය හරහා එහි බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට ද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.
සැකකාර සංවිධායකවරයා හොරණ පෝරුවදණ්ඩ බොරලුගොඩ ප්‍රදේශයේ ඔහුට අයත් පෞද්ගලික තේ ඉඩම නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේ මාස තුනක පමණ කාලයක සිට එම ඉඩමේ නැවතී සිටින අය විසින් මෙම ඉඩමට පිටස්තර පුද්ගලයන් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ඔහුගේ විරුද්ධත්වය ප්‍රකාශ කර තිබූ බව පොලිසිය අධිකරණයට දැන්විය.

