අහසට ගිය විදුලි බිලට - නගර සබේ බල පෙන්වයි


නව විදුලි  ගාස්තු සංශෝධනයට විරෝධය දක්වමින්  කොළඹ  මහ නගර සභාවේ  එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු  අද (30) උද්ඝෝෂණයක් පැවැත්වූහ.

නගරාධිපති ඒ.ජේ.එම්.මුසම්මිල් , උප නගරාධිපති  ටයිටස් පෙරේරා  ඇතුළු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු   කළු සාඨක පැළද විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින්  ඉටිපහන් දල්වා ගෙන උද්ඝෝෂණය කළහ.