රොකට් සෑදීමේ තාක්ෂණය පිළිබඳ අපූරු හැකියාවක් පෙන්වන මාවතගම තිවංක නෙරන්ජන් දිසානායක පිළිබඳ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අවධානය හිමිව ඇත.
ජනපති සම්බන්ධීකරණ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කුමාර කිතලවආරච්චි මහතා ජනපති නියමයෙන් තිවංකගේ නිවසට ගොස් ඔහුගේ හැකියාව පිළිබඳ සොයා බැලීය.
මොරටුව ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ අධ්‍යාපනය හදාරන තිවංක මේ වන විට රොකට් කිහිපයක්ම සාර්ථකව අත්හදා බලා ඇත. ඔහුගේ නවතම රොකට්ටුව ගුවන්ගත කිරීමේ කටයුතු සඳහා පූර්ණ සහාය හා අවශ්‍ය උපදෙස් ලබාදීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ තාක්ෂණික හා ඉංජිනේරු ඒකකය පොරොන්දුවී ඇතැයි තිවංක පැවසීය.






