ඉන්දියාවේදී පැවැත්වෙන, තහනමට ලක්කර ඇතැයි කියන ලීග් ක‍්‍රිකට් තරගාවලියක විනිසුරුවරයකු ලෙස සහභාගි වීමට ගිය හිටපු ටෙස්ට් විනිසුරු අශෝක ද සිල්වා මහතා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මෙහෙයවන තරගවලින් තාවකාලිකව ඉවත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඉන්දියාවේ පැවැත්වෙන එම ලීග් ක‍්‍රිකට් තරගාවලිය ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලය විසින් තහනමකට ලක්කර තිබෙන බැවින් ක‍්‍රිකට් ආයතනයේ විනිසුරු කමිටුව මෙම තීරණය ගෙන තිබේ.