අසූ ලක්ෂයේ වෙළඹ මහවැලියෙන් ගොඩ ගනී


කෑගල්ලේ පින්නවල සිට ප්‍රතිකාර සඳහා පේරාදෙණිය පශු වෛද්‍ය හා සත්ත්ව විද්‍යා පීඨයට ගෙන ආ ගැබ්ගත් වෙළඹක මහැවැලි ගගේ හල්ලොලුව වඳුරාපැනි ඇල්ලෙන් ගොඩගත් බව ගැමියෝ කියති.

මේ වෙළඹ සත්ත්ව විද්‍යා පීඨයට ගෙනවිත් ඇත්තේ ආමාශ ගත වූ ඉටිකොලයක් ඉවත්කිරීමේ සැත්කමක් සඳහාය. එම සැත්කම අවසන්කර සිටිය දී වෙළඹ බැඳ තිබූ බැමි කඩාගෙන පැනගොස් ඇති බවත් සත්ත්ව විද්‍යාපීඨය පසුපස ඇති මහවැලි ගඟට ඇය වැටෙන්නට ඇති බවත් සත්ත්ව විද්‍යාපීඨයේ නිලධාරින් කියයි.

ගඟේ ගසාගෙන ගිය වෙළඹ ගොඩට ගෙන ඇත්තේ අශෝකන් නමැති අයකු විසිනි. ඔහු පවසන්නේ විද්‍යාපීඨය අසළ සිට වෙළඹ ගොඩගත් තැනට කිලෝ මීටර තුනහමාරක් පමණ දුර ඇති බවයි.

වෙළඹගේ වටිනාකම රුපියල් ලක්ෂ 80 ක් පමණ බව හිමිකරු පවසයි.

ගොඩටගත් වෙළඹට පශු වෛද්‍යවරු ප්‍ර‍තිකාර ඇරඹූහ.

Mahawweli hose (2) Mahawweli hose (3) Mahawweli hose (4)

අශ්වයා බේරාගත් අශෝකන්