අසු දැක්මේ නැටුමක් ලංකාවෙන්


ලෝකයේ විශාලතම අශ්ව ප්‍රදර්ශනය   ඉතාලියේ වෙරෝනා නුවරදී පැවැත්වීණි. වෙරෝනා නගරසභාව සංවිධානය කරන මෙම අශ්ව ප්‍රදර්ශනය බැලීමට ලක‍ෂ සංඛ්‍යාත පිරිසක් පැමිණෙන අතර ලෝකයේ නොයෙක් රටවලින් වටිනා අශ්වයනුත් ගෙනෙති. ඉතාලි ජාතික නැටුම් ගුරුවරියක වන රිටා පවනෙල්ලොගේ වෙරෝනා කලා ආයතනයේ වසර දාහතරක් පුරා නැටුමි හදාරන දිලිණි රන්දි පහලවත්ත(18)   ඉතාලි ජාතික තරුණ තරුණියන් පිරිසක් සමග හින්දි ගීතයකට මෙම ප්‍රදර්ශනයේදී නැටුමක් ඉදිරිපත් කළාය. පිලියන්දල සමන් ප්‍රිය පහලවත්ත හා රේණුකා පහලවත්ත ඇගේ දෙමව්පියෝය.  වෙරෝනා තබෝදා රංග ආයතනයේ මල්ලිකා වනිගසේකර මහත්මිය යටතේ වසර දහයක් පුරා දේශිය නැටුමි කලාව ද හදාරන දිලිණි ලබන වසරේ පාදෝවා වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වීම සදහා වරම් ලබා සිටියි.