ඩෙංගු මදුරු කීටයන් බෝවන ස්ථාන තම ගෙවල් අවට තිබිමට ඉඩ දුන්නැයි කියන මොරටු නිවෙස් හිමියන් හයදෙනෙකුට නඩු පවරා තවත් අසු අටදෙනෙකුට රතු නිවේදන නිකුත් කළ බව මොරටුව මහජන සෞඛ්‍යය පරික්ෂක කාර්යාලය පවසයි.
ඩෙංගු පරික්ෂක කණ්ඩායම් නිවාස දෙදහසක් පමණ පරික්ෂා කළේය. එම්.එම්.සී.කේ මාන්නප්පෙරුම මහතාගේ මෙහෙය වීමෙන් එම පරික්ෂණ සොයිසාපුර,කල්දෙමුල්ල,අඟුලාන,ලුනාව,කොරළවැල්ල,රාවතාවත්ත,එගොඩ උයන හා මොරටු මුල්ලේ සිදුවිය.

![20160715_100557[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/07/20160715_1005571.png)
![20160715_135226[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/07/20160715_1352261.png)
