අසීමිත බලය මට එපා. එය අහෝසි කරනවා


2005 අප්‍රේල් 20 වනවිට අත්තනෝමතික ජනාධිපති ක්‍රමය වෙනුවට කැබිනට් මණ්ඩලය ප්‍රධාන පාර්ලිමේන්තුවට බලය සහිත ක්‍රමවේදයක් සකස් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද කියා සිටියේය. 1978 ව්‍යවස්ථාවෙන් ආරම්භ වූ විධායක ජනාධිපති ධූරයට එදා මෙදා තුර ජනතා විරෝධයක් තිබුණා. දිගටම මැතිවරණ පොරොන්දුවක් තිබුණා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට. 1994 දුන් පොරොන්දුව ඉටු කළේ නැහැ. 2005 හා 2010 මහින්ද චින්තනයේ මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකරන බවට වූ පොරොන්දු ඉටු කළේ නැහැ. මා පොදු අපේක්ෂක බව භාරගත්තේත් මේ අසීමිත බලය ජනාධිපතිගෙන් ඉවත්කිරීමට. මා පැහැදිලිව ම අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පළමු ඡේදයේ ම මේ බව සඳහන් කළා.

බලයට පත්වුණාම බොහෝ දෙනෙකුට තමන් බලයට පත්වූ ජනතාවගේ හඬ අමතක වෙනවා. නමුත් මා කෙරෙහි විශ්වාසය තබා රටේ ජනතාවට දුන් පොරොන්දු පරිදි එය නියමිත පරිදි නියමිත කාලයට ජනතාව අපෙක්ෂා කරණ ආකාරයෙන් ම සත්‍ය ලෙසම ජනාධිපතිගේ විධායක බලතල අහෝසි කරණවා. මේ දවස් 14ක අත්දැකීම් ගත්විටත් මට පෙනී ගොස් තිබෙනවා මේ තනතුරේ තියෙන අසීමිත බලය මොනතරම් දේට භාවිතා කළ හැකිද කියා.