අසීමිත බලතල භාවිත නොකළ බව ජනපති කියයි


‘මේ දින 100 ක කාලසීමාවේ දී ජනාධිපති  විදියට මගේ හැසිරිම පිළිබද. සමහර අයගේ යම් යම් විවේචන තිඛෙනවා. සමහරු කියනවා මම ශක්තිමත් නැහැ කියලා. සමහර අය කියනවා දුර්වලයි කියලා. සමහර කියනවා නායකයෙක් නෙවේ කියලා. මේ විවේචන

හැබැයි ඒ සියලූ විවේචකයන්ට සහ මගේ ආදරණීය ජනතාවට මම කියන්න ඕන මේ දින 100 කාලයේ මේ අසීමිත බලතල තිබෙන තනතුරේ බලය මම පාවිච්චි නොකළ කෙනෙක්. ඇයි, තමුන්නාන්සේලා මා  පත් කළේ මේ බලය දෙන්න. මම ආවේ ඒ දේ සදහා. විධායක ජනාධිපති ධූරය සතු අසීමිත බලතල ඉවත් කරන්න ආවේ.‘ යැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතිය අමතමින් කළ විශේෂ කතාවේ දී කීවේය.