අසිරිමත් නත්තල උදා වෙයි


ජේසුස් වහන්සේ උත්පත්තිය සිහිපත්කරන අසිරිමත් වූ නත්තල උදාවිය. 

නත්තල හෙවත් නත්තල් දිනය නාසරෙත්හි ජේසුස් වහන්සේගේ උපත සමරන දිනය වේ.

නත්තල නිමිත්තෙන්  චාරිත්‍ර බොහොමයක් පවත්වයි. ඒවා අතර  තෑගි දීම, ක්‍රිස්තියානි දේවස්ථාන වල  මංගල දේව මෙහෙයන් පැවැත්වීම ප්‍රධානවේ.   නත්තල් ගස් සහ ගේ දොර සැරසීම තවත් චාරිත්‍රයකි.

සැන්ටා ක්ලෝස් හෙවත් නත්තල් සීයා මෙම උත්සව කාලයේ ජනප්‍රිය චරිතයකි.

නත්තල් සීය නත්තල් කාලයේ දී තෑගි ගෙන ඒම වෙනුවෙන් ප්‍රසිද්ධ වන අතර, මෙලෙස හඳුන්වන්නේ අතීතයේ ජීවත් වුනු සාන්ත නිකලස් තුමාවය.

නත්තල් උත්සවය සියලුම කිතුනු බැතිමතුන්  සමරයි.  වෙනත් ආගම් වල ජනතාව සංස්කෘතික උත්සවයක් ලෙස සමරනු ලැබේ. එය මුලු ලොව ම පුරා පවත්වන උත්සවයකි.