රෝමයේ ශ්‍රී ලංකා තානාපති අසිත පෙරේරා මහතාගේ නිවසේ සේවයට ලංකාවෙන් ගොස් සිටි තිදෙනා අද ශ්‍රී ලංකාවට ඒමට නියමිතව සිටිය ද ඔවුන් අතුරුදන්ව ඇතැයි පොලිසිය පැමිණිලි කර ඇත. තානාපතිවරයා ශ්‍රී ලංකාවට කැඳැවීමත් සමග ඔවුන් වෙනුවෙන් ගුවන් ටිකට් වෙන්කර ඇති තානාපති කාර්යාලය අද ඔවුන් ශ්‍රී ලංකාවට යැවීමට අවශ්‍ය කටයුතු සලසා තිබිය දී මේ තත්ත්වය උදාවිය. සේවකයන් දෙදෙනකු ද එක් සේවිකාවක ද ආ ගිය අතක් නැතැයි තානාපති කාර්යාලය ඉතාලි පොලිසියට මින් මඳවේලාවකට පෙර පැමිණිලි කෙළේය.
මෙම සේවකයන් තිදෙනා ගැන අසිත පෙරේරා මහතා රෝමයේ පොලිසියට පැමිණිලි කෙළේය. ගෙදර තිබූ යුරෝ 1800 (රුපියල් 300600 ) හා ජංගම දුරකතනයක් ද නැති වූ බව ඔහුගේ පැමිණිල්ලේ සඳහන් වේ.
මේ තිදෙනාම අසිත පෙරේරාගේ මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවකයන් බව ද දැන ගන්නට ඇත.