අසිත පෙරේරා ලංකාවට කැඳවයි


තමා ආපසු ශ්‍රී ලංකාවට කැඳවා ඇතැයි ඉතාලියේ රෝම අගනුවර ශ්‍රී ලංකා තානාපති අසිත පෙරේරා මහතා ‘එසැණට‘ පැවසීය.

තමා අපසු කැඳවන ලිපිය අද ලැබුණු බව ඔහු කීවේය. අසිත පෙරේරා මහතා ශ්‍රී ලංකාවට යන්නේ සිය සේවා කාලය අතරමගදී ය.

අසිත පෙරේරා මහතා ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නැයි ඉතාලියේ ශ්‍රී ලාංකිකයන් පිරිසක් පෙරදිනයේ තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ.

‘මම ආපසු ලංකාවට යන්නේ හරිම සතුටෙන්. ඉතාලියේදී ජාවාරම්කරුවන්ට හසු නොවී කොන්ද කෙළින් තියන් හිටියා. මා මේ තනතුරට පත් කළ ජනාධිපතිතුමාටත්, ඉතාලියේදී සහාය දුන් සියලු ලාංකිකයන්ටත් ස්තුතිවන්ත වෙනවා‘

ඉතාලි ශ්‍රී ලාංකික එකමුතුවේ අනුශාසක රෝමයේ ධර්මාශෝක විහාරාධිපති දඹදෙණියේ ධම්මාරාම හිමියන් පැවසුවේ තානාපතිවරයා ඉවත් කරන ලෙස ගෙන ගිය උද්ඝෝෂණය සාර්ථක වූ බවයි. මෙය ඉතාලියේ ශ්‍රී ලාංකිකයන්ගේ පොදු ජයග්‍රහනයක් බවත්, ඊට සහාය දැක්වූ ඉතාලිය, සයිප්‍රසය සහ ග්‍රීසියේ ලාංකිකයනට ස්තුතිවන්ත වන බවත් ඒ හිමියෝ කීහ.