අසික්කිත පී සී රජයේ ගාස්තු ගෙවා බේරේ


කොළඹ ගංගාරාම සීමා මාළකය අසළදී ගැහැනියක අසෝභන ලෙස හැසිරුණු  බව කියන පොලිස් කොස්තාපල් වරයකුට රුපියල් 5000 ක රජයේ ගාස්තු ගෙවන ලෙස  කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා  නියෝග කළේය.

ඇමැති ආරක්ෂ අංශයට අයත් මෙම කොස්තාපල් මත්පැන් බී සිටි බවත්  එම ගැහැනිය සමග අසෝභන ලෙස හැසිරුණ බවත් ගැහැනිය පොලීසියට බැන වැදුණ බවත්  කොම්පඤ්ඤවීය පොලීසිය අධිකරණයට දැන්වීය. ගැහැනියට රුපියල් 1500 ක දඩයක් නියම විය.