අසික්කිත පියා 39 වසරක් හිරේ


වයස අවුරුදු 16ට අඩු දියණිය වරින්වර අපයෝජනය කළ බවට වරද පිළිගත් 43 හැවිරිදි දෙදරු පියකුට උතුරුමැද මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා බරපතල වැඩ සහිත වසර 39ක සිර දඩුවම් නියම කළේය.

රුපියල් 25000 බැගින් රුපියල් 75000ක දඩ ද දැරියට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස ද ඔහුට නියම කැරිණි.

මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාව වන විට ඔහු දස වසරක සිරදඩුවමක් ගෙවමින් සිටියේය.;

ඊට හේතු වූයේ ඔහු වැඩිමහල් දියණිය අපයෝජනය කිරීමට වැරදිකරු වීමයි.