ෆර්හාන් අක්තාර් විසින් නිෂ්පාදනය කර අධ්‍යක්ෂණය කරනු ලැබු ‘රොක් ඔන්’ දෙවැනි චිත්‍රපටය මේ වසරේ තිරගත වු චිත්‍රපට අතරින් අසාර්ථක චිත්‍රපට ගොන්නට එකතුවී තිබෙනවා.
ෆර්හාන් අක්තාර්, අර්ජුන් රම්පාල්, ශ්‍රද්ධා කපූර්, ප්‍රචි දේසායි රඟපෑ මෙම චිත්‍රපටය සිනමා විචාරකයන් පවසන අන්දමට මෙසේ අසාර්ථක වීමට හේතුව වී ඇත්තේ එහි ප්‍රචාරක කටයුතුවල තිබුණ අසාර්ථකත්වය බවයි.
කෙසේ වෙතත්, ෆර්හාන් පවසන්නේ මෙම චිත්‍රපටය තවමත් තිරගත වෙන බැවින් මෙහි සාර්ථක අසාර්ථක බව තීරණය කිරීම දැනටමත් කල්වැඩි බවයි.