සමෘද්ධි නිලධාරීන්ට සහ සමෘද්ධි ලාභීන්ට සිදුව ඇති අසාධාරණකම් සහ බලපා ඇති ගැටලු තුනකට විසදුම් ලබා දෙන ලෙස ඉල්ලමින් අද (16) ගම්පහ දුම්රිය ස්ථානය ඉදිරිපිටදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වුහ.
සමෘද්ධි ලාභීන්ට පසුගිය රජයෙන් නිවාස අළුත් වැඩියා කර ගැනීම සඳහා ලබා දුන් රුපියල් 2500 ක ආධාර මුදල යළි අයකර ගැනීම නතර කිරීම සියයට 10 බැගින් වර්ෂ 2020 දක්වා සහනාධාර කප්පාදුව නතර කිරීම සහ සමෘද්ධි නිලධාරීන්ගේ ස්ථිර පත්වීම් ලබාදීම යන ඉල්ලීම් මුල්කර ගනිමින් උද්ඝෝෂණය පැවැත්විණි.

![20170215_103258[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2017/02/20170215_1032581.png)
![20170215_103520[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2017/02/20170215_1035201.png)
