තමා අත්අඩංගුවට ගැනීමට යතියි කියමින් කොළඹ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයකු වු අසාද් සාලී මහතා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් උසාවියට අද (28)අපේක්ෂිත ඇප අයැදුම් පතක් ඉදිරිපත් කළේය.
කුරුදුවත්ත පොලීසිය කරුණු දක්වමින් කියා සිටියේ කොළඹ ඇස් වාට්ටුව දවටගහ පල්ලියේ ප්‍රධාන පුජක හසන් මවුලානා කළ පැමිණිල්ලක් අනුව පරික්ෂණයක් පවත්වන බවයි.
අසාද් සාලි මහතා ගැන ද එම පැමිණිල්ලේ සදහන් වුවත් ඔහු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නොවන බවත් ඔහු කීවේය.
මහෙස්ත්‍රාත් සිංගප්පුලි මහතා නියෝග කළේ යම් හෙයකින් ඔහු අත්අඩංගුවට ගතහොත් රුපියල් දස ලක්ෂයක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසයි.