අසාද් සාලිගේ නංගී උසාවි ගේනු


කොළඹ හිටපු උප පුරපති අසාද් සාලිගේ සහෝදරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළේය.

තම සහෝදරයා කොළඹ උප නගරාධිපති බවත්, ඔහු ලවා රැකියාවේ උසස් වීමක් ලබා දිය හැකි බවත් කියමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ කම්කරුවකුගෙන් 2010 වසරේ දී රුපියල් හය ලක්ෂයක් ලබා ගෙන ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.