අසාද් සාලි ඉල්ලා අස්වීම යළි රනිල්ට


මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අසාද් සාලි එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ දෙවැනි ලිපිය අද (8) පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට යැවීය.

පසුගිය ජනවාරි 30 වැනි දා තමා විසින් මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට යොමු කර නැති නිසා එම ලිපිය ඉදිරිපත් කරන බවත් එය මැතිවරණ කොමිසමේ සභාපතිට දැනුම් දෙන ලෙසත් ඔහු මධ්‍යම පළාත් සභාවේ ලේකම්ගෙන් ද ඉල්ලා ඇත.