( පාලිත නානායක්කාර)
අස්වැසුම ප්‍රතිඵල ප්‍රතිලාභ ලබා ගැනීමේ අයදුම්පත් භාර දීම සඳහා අද (27 ) උදෑසන සිට ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ භූමියේ පෝලිමක රැඳී සිටි පුද්ගලයකු ඇද වැටී එම ස්ථානයේදීම මියගොස් ඇති බව ඇල්ල පොලිසිය කියයි.
මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ ටෝනකොම්බෙ නමුණුකුල වතුයායේ පදිංචි ව සිටි රාමසාමි කුලන්දවේලු (77) නමැති හත් හැවිරිදි පුද්ගලයෙකි.
කාර්යාලයීය කටයුතු ආරම්භ වීමටත් ප්‍රථම පැමිණ පෝලිමක රැදී සිටි පුද්ගලයකු මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇතැයි පොලිසිය කියයි.

