අස්වැසුම අවසන් ලේඛනය අභියාචනාවලින් පසුවයි


(අංජුල මහික වීරරත්න)

අස්වැසුම ප්‍රතිලාභී නාම ලේඛනයට නම ඇතුළත් වී නැති සියලු දෙනාම ජූලි 10 වැනිදාට පෙර අභියාචනා ඉදිරිපත් කරන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවේ දී අද(27)පැවසීය.

විවිධ කණ්ඩායම් වල දේශපාලන බලපෑම් වලට හසු නොවී කටයුතු කරන්නැයිද සේමසිංහ මහතා ඉල්ලා සිටියේය.

අභියාචනා ලබාදීමෙන් පසු සුදුස්සන් තෝරා ගැනීමේ අවසන් ලේඛනය සකස් කරන බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා එහිදී කීය.