
(අංජුල මහික වීරරත්න)
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට ඇස්රියෙල් මාර්කටින් (පුද්) සමාගම(Asriel Marketing (Pvt) Ltd) රුපියල් මිලියන පහක මුදලක් පරිත්‍යාග කළේය.
ඊට අදාළ චෙක්පත Asriel Marketing (Pvt) Ltd හි සභාපති ශිරාන් පීරිස් මහතා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාට ජනාධිපති කාර්යාලයේදී පිළිගැන්වීය.
Asriel Marketing (Pvt) Ltd නියෝජනය කරමින් ඩී.එල්.පී වීරසූරිය, සාගල මහවෙල කීර්තිපාල සහ එන්.ආර්.බී වික්‍රමරත්න මහත්වරු මෙම අවස්ථාවට එක් වූහ.

