අස්ගිරියෙන් අවුත් පානදුරේ දී වැඩ පෙන්වයි


අපරාධ විමර්ශනයට බෙහෙවින්ම දායක වන බල්ලන්ගේ  සංදර්ශනයක්    පානදුරයේ දී පැවැත්විණි. බොහෝ දෙනෙක් ඔවුන්ගේ දස්කම් විස්කම්  හා කීකරුකම දැක සතුටු වුහ.

මල් කලඹ පිළිගැන්වීමේ හා පොලිස්  කොඩිය එසවිමේ සිට ඇමැති ආරක්ෂක රාජකාරී දක්වා  ඉසව් 27 ක ට මේ අමුත්තෝ තරග කළහ.

තරඟ කළ වැඩිදෙනා පොලිස් ස්ථානාධිපති  නිළ නාමයෙන් හැදින් විණි. පොලිස් සැරයන්වරුද වුහ. කාන්තා පොලිස් වරියෝද වුහ.සහයක  රාජකාරිකරුවෝද වුහ.

 මහනුවර අස්ගිරියේ නිල සුනඛ මුලස්ථානයේ දහසය දෙනකු මේ තරගයට එක් වුහ.

කොස්තාපල් ‘ස්කූබී‘ , පානදුර උතුර පොලිස්  ස්ථානාධිපති විශ්ව කුමාර මහතාට මුලින් මල් කළඹක් පිළිගැන්වීය. කොස්තාපල් ‘ප්‍රීටි ගර්ල් ‘පොලිස් කොඩිය එසැවිය.

පානදුර උතුර පොලිසි හා සිවිල් ආරක්ෂ කමිටු මේ සංදර්ශනය සංවිධානය කළේ කෙහෙල්වත්ත ප්‍රදේශිය සභා ක්‍රිඩාංගනයේදීය.

ගඩොල් බිත්තිය පැනීම,කීකරුකම,බාධක තරගය, ට්‍රයිසිකලය, බැරල් පෙරැලිම, සංගීත පුටු තරඟය, සුනඛයින් මතින් පැනිම, පාට හා අංක සෙවිම, කඩුළු තණය, කඩුලු තරඟය, කණු අතරින් යාම, ගෝනි රේස්, පුපුරණ ද්‍රව්‍ය සෙවීම,මත්ද්‍රව්‍ය සෙවිම, උද්ඝෝෂණය, ගිනි වළලු පැනිම, මෙරිගෝ රවුම්  ,සංගීතයට නැටීම, වළලු අතරින් පැනීම, පා පැදියේ  ගමන් කිරිම, ටෝයි ප්ලේ , ගිල් වර්ක් ආදි තරග  වලින් ඔවුහු නරඹන්නන් ප්‍රීත්‍රී ප්‍රමෝදයට  පත් කළහ.