අස්ගිරි මහ නාහිමිගෙන් ඥානසාර හිමිට චරිත සහතිකයක්


ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්  බන්ධනාගාර ගතවී සිටියත් උන් වහන්සේ ඇතැම් විට කටයුතු කළේ අක්‍රමිකතා දුෂණ ආදියට විරුද්ධව බව ගලගම අත්ථදස්සි අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියෝ පැවසූහ.

ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසංධාන රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි මහතා අද (27) පෙරවරුවේ අස්ගිරි මහනාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමට පැමිණි අවස්ථාවේ දී උන්වහන්සේ මේ බව පැවැසුහ.

අපේ රටට යම් ව්‍යසනයක් විපතක් ගැටළුවක් ඇති වු විටක එයින් රට මුදා ගැනිම සදහා මහා සංඝයා පෙරමුණ ගත් බව ඉතිහාසය දෙස බැලිමේදි මනාව පැහැදිලි වෙනවා. රටේ ජාතික සමගිය ගොඩ නැගිමේ කාර්යයේදි ඒ ආකාරයෙන්ම මහ සංඝයාගේ ආශිර්වාදය හා මග පෙන්විම අතව්‍යශ සාධකයක් බවත් උන් වහන්සේ පැවසුහ.

අපේ බෞද්ධයින් කිසි දිනක අන්‍ය ආගමිකයින් බෞද්ධාගමට හරවා ගන්නට උත්සහ නොදැරුවත් සිංහල බෞද්ධයින්ට බලපැම් කර අන්‍ය ආගම් වලට බදවා ගන්නට උත්සහ දරනවා. එවන් දේ සිදු නොකළ යුතුයැයි මගේ හැඟීම බවත් ගව ඝාතනය වගේම එක් පිරිසක් රක්ෂිත වනාන්තර එළි කර ගම්මාන හදනවා. ඒවා නැවැත්විය යුතුයි. ඒවාට අපි විරුද්ධ බව දන්වා ඇතැයිද මහනාහිමියෝ පැවැසුහ.

FAWUSI-ASGIRIweb2016127-1